ජපාන⁣යට පැමිනෙණ විට ගෙන ආ යුතු දේවල්.

 

මුළික වැදගත් කමක් ලෙස අපි කෑම වලට තියන්න ඕනා.
අපි ලංකාවෙන් රෑගෙන එන කෑම වලින් මසක් පමනද,
කුලු බඩු වලින් සය මසකට වඩා කල් තබා ගෙන පාවිච්චි කල යුතුය.(සමහරුන් හිනා වෙව් මේ තාක් දුරට කතල් තබා ගතා ගත නොහැකි යැයි , නමුත් ඔබ හැකි තාක් කල් තබා ගන්න)

ජපානයට පැමිනෙන හුග👱🏻👱🏻‍♀️ දෙන⁣කුග් ජපන් හැකියාව තරමක් අඩුයි,
⁣එම නිසා අපිට ජොබ් එකක් ජපානයට පැමින මසක් තුලද සොයා ගැනීමට අපහසු වුවහොත් අපට සල්ලිත් නෑ කෑමක් වත් නැති බවට පත් වෙවි සමහර අයට,
එමනිසා රැගෙන ආ කෑම බීම වලින් පිරිමසා ගන කෑම පිස ගැනීමට සිදුවේ.

ජපානයට ආපු ගමන් පෙලක් සිසුන් දැන් ඔක්කොම හරි යැයි සිතා රැගෙන ආ කෑම වලින් පාටි දමා ඉවර කර ගන්නා අතර පසුව මුදලුත් නැතිව යහලුවන්ගෙන් මුදල් ඉල්ලා වැද වැටෙති,
පෙලක් යහලුවන්ගේ හරි මුහුන එවිට හුග දෙනෙක්ට දැක ගතද හැකිය.එම නිසා කාගෙන්වත් මුදල් ඉල්ලීමට නොයා තමන් රැගෙන එන ද්ව්‍ය පිරිමැස්මක් ඇතිව භාවිතා කරන්න. පහතින් දව්‍ය කිහිපයක් දක්වමි.

•පොල් කිරිපැකට් 800g හො 850g
•ලුනු 100 g
•මිරිස් කුඩු 1kg
•කෑලි මිරිස් කුඩු 1kg
•කහ 500g
•ගම්බිරිස් 200g
•අබකුඩු(කැමති අය) 50g
•කළු කුඩු 100g
•තුනපහ වෙනත්. 250g
•එන්සාල් සහ සාදික්කා
•කුරුදුපොතු 100g
•ගොරකා 100g
•ඩැසිකට්(කැමති අය) 1
•කිරි පිටි (කැමති අය) 450g
🔻කරපින්චා සහ රම්පේ සහ වෙනත්
(🛫පිටත්වන දින සදා ගන්න)
සමහරුන් මෙවා එයාර්පොර් එකේන් රැගෙන යාමට නොහැකි යැයි පවසා වියලා ගැනීමට පවසාවි.
එය බොරුවක් බව සලකන්න.
කැමති අය වියලාද කැමති අය fresh ලෙස රැගෙන එන්න.
fresh ලෙස රැගෙන එන අය ජපානයට පැමින ඩී ෆිෂර් (ෆීජ් එකේ උඩ කොටසට)එකට දමන්න.

🔻🔻🔻🔻පහතින් ඇති ආහර වර්ග කිහිපයක් සදා ගන්න. ජපානයට පැමිනෙන පලවන දින ආහාර සදා ගැනීමට තරම් වෙලාවක් සහ ආම්පන්න වල. අඩුපාඩු තිබිය හැකඑයට පිලියමක් ලෙස.
•චිලි පේස්ට් 300g
•අච්චාරු 500g
•තේමපරාදු කල සම්බොල 200g
(🛫පිටත්වීමට ලං වී සදාගන්න)
•මාලු වර්ගයක්
•ජෑම් වර්ගයක්
•වෙනත්

•පරිප්පු 1 kg
• සොයා පැකට් 2-3(කැමති අය)
🔻කරවල
👉හාල් මැස්සන් 1
👉කෙන්දෝ 500g
👉කට්ට කරවල. 200g
👉බල කරවල. 200g
👉හුරුල්ලන්. 250g
වෙනත්
කරවල ඉහතින් ඇති කිහිපයක් සදා ගන්න. සදා ගන්නා විට හොදින් සුද්ද කර ගන්න (කටු සහ ඔලු සහ කෑමට නොගන්නා සියල්ල ඉවත් කරන්න)
උනුවතුරින් සොදා නැවත දින දෙකක් තුනක් පමන වියලා ගන්න.මෙහි අරමුන අනවශ්‍ය බර අඩු කර ගැනීමයි.
ඉන්පසුව මෙය පැකට් කර ගන්න.
ජපානයෙදි කෑම පිසිමෙදි එක් වරක් පමනක් ⁣ජලයෙන් සොදා ගෙන පිස ගන්න.

🔴 බෙහෙත් වර්ග
නුහුරු රටක ජිවත් වන විට තෙන්කියට(කාලගුණයට) හැඩ ගැසිය යුතුය. අප රට උනුසුම් උනත් ජපානය එසේ නොමැත.
ඝෘතු හතර ලැබෙන අතර එයට අපිද අනුවර්තනය විය යුතුය.
අනුවර්තනය නොවන්නා ලෙඩ වලින් පිඩා විදිනු ඇත.
එයට පිලියමක් ලෙසද මේ බෙහෙත් වර්ග රැගෙන යමු.
අපිට ජපානයේ ආපු අලුත කවුරුත් උදව් ලබා ගන්නත් භාෂාව හැසිර වීමත් නොහැකි නිසා,
අපිට තිබෙන ලෙඩ කිහිපයකට බෙහෙත් ⁣ලංකාවෙන් රැගෙන ආ යුතුවේ.

එහිදි රැගෙන ආ යුතු බෙහෙත් අතර තමන්ට දීර්ග කාලීනව ලෙඩකට ගන්න බෙහෙත් අනීවාර්යෙන් රැගෙන එන්න.
ජපානයට රැගෙන එන විට බෙහෙත් හැන්ඩ් ලැගේජ් එකට දමා නොගන්න.
මොකද හැන්ඩ් ලැගේජ් එකේ රැගෙන එන බෙහෙත් වර්ග රේගුව මගින් ගනු ලබයි.මොකද රටිකින් රටකට බෙහෙත් වර්ග රෑගෙන යා නොහැකිය.
තවද ඇලජික් තිබෙන අය ඇලජික් වලට බෙහෙත් රැගෙන එන්න.
සාම්ප්‍රදායික සිංහල බෙහෙත් කරන කෙනකු වේ නම් පස්පන්ගුව වැනි දෑ රැගෙන එන්න.

•උනට
•සෙම්පෙතික්ෂාවට
•හිසරදයට
•කැස්සට
•සමහන්
•සිද්ධාලේප හො වෙනත්
•අසමොදගම් හො වෙනත්
•පිරිටන්

🔵 සනීපාරක්ෂක දේවල්.

ජපානයේ සනීපරාක්ෂක කඩ සහ ⁣දේවල් කොච්චර තිබුන මුත් ඔයාලා ජපානයට පැමිනෙන විට නගරය හො ගම පිලිබදව කිසිම නොදැනුවත්කම නිසා අපහසු තාවයට පත් විය හැකිය.
එම නිසා අත්‍යවශයම දේවල් පමනක් රැගෙන යා යුතු වේ.
පර්පියුම් වර්ග පාවිච්චි කරන කෙනෙකු නම් එයද රෙගන එන්න.
නමුත් ලැගේජ් එක අනවශ්‍ය බරින් වැඩි කර ගන්න එපා.

• දත් බුරුසු.(මෙයින් වැඩි පුර රගෙන එන්න)
•දත් බෙහෙත් වර්ගයක්
•සබන් කෑල්ලක්
•රේසර් කිහිපයක්
•ගැහැණු ලමයින්ගේ අවශ්‍යතා මත වෙනත් දේවල්

🔴 ඇදුම්.
ලංකාවේ ලමයින් ජපානයට පැමිනෙන වැඩිම ඉන්ටේක් එකක් විදිහට අප්රියෙල් ඉන්ටේක් එක හදුනවා දිය හැක.
දෙවන ඉන්ටෙක් එක විදිහට සැප්තැම්බර් ද හදුනුවා දිය හැක.

අප්රියෙල් මස කාලය තුල හිම වැඩටී ශිත අවසන් වීගෙන යාමත් සැප්තැම්බර් මස නැවත සීතල ආර්ම්භ වීමත් සිදුවේ. එම නිසා ශීත කාලයට ඔරොත්තු දෙන ආකාරයට අදුම් ආයිත්තම් සකසා ගනිමු.

•ෆුල් කිට් එකක්(ටයි එක සහ සපත්තු ඇතුලුව )
•ඩෙනිම් කලිසම් 4 -5
වෙනත් කලිසම්
•T- ෂර්ට් 4-5
අත් දිග වෙනම කිහිපයක්
• ජර්සියක්.(අනිවාර්‍ය නැත)
•වෙස්ට් ☝🏻☝🏻අදාලව හො වැඩි පුර
•ටවල් 1
•සීතලට අදින ජැකට් 1ක්.(හිස වැසෙන සේ හෝ ඔබ කැමති අයුරින්)
•මේස් කුට්ටම් 4ක් ඊට වැඩි
•සපත්තු කුට්ටම් 2 ක්
•ෆුතොන් (නිදා ගැනීමට බිමට එලන මෙට්ටයක් වාගේ දෙයක් )එකක් සහ සීතට ඔරොත්තු දෙන බෙට් ෂීට් එකක් ජපානයෙන් මිලදී ගැනීමට සිදු වන නිසා එයට මුදල් වෙන් කරවා තබා ගන්න.(5000¥ )
ලංකාවෙන් රෙදි මිලදි ගැනීම් වලදි හවුස් ඔෆ් සහ පැෂන් බග්. සහ වෙනත් තැන් වලදි ලබා ගත හැක.
තවද ජපානයේදි ෆුතොන් සහ කොට්ටා සහ සීතට ඔරොත්තු දෙන බෙට් ෂීට් එකක් මිලදී ගැනීම් කරන විට නිදොරි , ඩොන්කි,
විවා හොම්, සෙයියු සහ වෙනත් ෂොප් වලන් මිලදි ගන්න.

එයාර් ටිකට් එකේ බර සම්පුර්ණ වෙන සේ රැගෙන එන්න.
කිසිම විටෙක එම බරට වැඩියෙන් මිස අඩුවෙන් රැගෙන එන්න එ

share කරන්න..Share on Facebook0Share on Google+0Tweet about this on TwitterShare on LinkedIn0Email this to someonePrint this page

Leave a Reply