නුවනිදුගේ ප‍්‍රහාරය සිංහ පිළ අවසන් මහා තරගයට රැගෙන යයි

නුවනිදු ප‍්‍රනාන්දුගේ හා නිපුන් සංජයගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් ඉන්දියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ අභියෝගතා කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ පැවත්වු තරගයෙන් ඉන්දීය බිදූ කණ්ඩායම පරදා කඩුුලු 06ක විශිෂ්ට ජයක් ලබාගැනිමට ශ‍්‍රී ලංකා සභාපතිගේ කන්ඩායම සමත්විය.

ජයග‍්‍රහණය සදහා ලකුණු 204ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ‍්‍රී ලංකා ආරම්භක පිතිකරුවන්ට සාර්ථක වීමට නොදුන් ඉන්දීය බ්ලූ පන්දු යවන්නෝ ලකුණු 43කදී ප‍්‍රබල කඩුලු 03ක් ක‍්‍රීඩාගාරයට යැවීමට සමත් විය.

පෙර තරගයේ විශිෂ්ට ඉනිමක් ක‍්‍රිඩා කළ සන්තුෂ් ගුණතිලකට ලකුණු 08ක් ලබා සිටියදී දවා ගැනීමට ශිවාම් සමත් වු අතර දෙවැනි කඩුල්ල ලෙස ලකුණු 04ක් ලබා සිටි ධනංජය ලක්ෂාන් අවාසනාවන් ලෙස දුවද්දී දැවී යාමකට ලක්විය.

අනතුරුව යලි ක‍්‍රියාත්මක වු ශිවාම් ඉන්දීය පන්දුයවන්නන් අභියෝගයක් වු විශ්ව චතුරංග ලකුණු 27ක් ලබා සිටියදී දවා ගැනීමට සමත්විය.දැවී යන විට විශ්ව හතරේ පහර 05කින් සිය ඉනිම අලංකාර කර තිබිණ.

කඩුලු 03ක් බිද වැටී අසීරු තත්වයක පසුවෙද්දී පිටියට එක්වු නිපුන් ධනංජය හා නුවනිදු ප‍්‍රනාන්දු ඉන්දීය බ්ලු පන්දුයවන්නන් හිසරදයක් වෙමින් සිව්වැනි කඩුල්ල සදහා ලකුණු 156ක සම්බන්ධතාවක් පැවත්වුයේ ශ‍්‍රී ලංකා පිළ ජයග‍්‍රහණය වෙතට කැදවාගෙන යමින්.

පෙර තරගයේද නොදැවුණු ඉනිමක් ක‍්‍රීඩා කරමින් ශ‍්‍රි ලංකා පිළ ජයග‍්‍රහණය සදහා රැුගෙන ගිය නුවනිදු ප‍්‍රනාන්දු ජයග‍්‍රහණයට ලකුණු 05ක් මෑතින් සිටයදී දැවී ගිය අතර හයේ පහර 02ක් හා හතරේ පහර 11ක් සමගින් ලකුනු 91ක් ලබා ගැනීමට සමත්විය.

නුවනිදු දැවී ගියත් අනෙක් අන්තයේ රැුදී සිටි නිපුන් ධනංජය එක් හයේ පහරක් හා හතරේ පහර 05ක් සමගින් ලකුණු 65ක් රැුස්කරගත් අතර නිශාන් මදුශංක හා එක්ව තරගය අවසන් කළහ.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් වියළි මුම්බායි තණතීරුව මත  ඉන්දීය බ්ලු කණ්ඩායමේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට පළමුව පිටියට පිවිසියේ නායක හිමංෂු රානා හා මන්ජොට් කල්රා යන දෙපලයි. නමුත් ඔවුන්ගේ ලකුණු පුවරුවට ලකුණු 8ක් එක්වෙද්දී දකුණතින් පිත්ත හසුරුවන රානාව ලකුණු 2කට දවා ගැනීමට දකුණතින් මඳ වේග පන්දු යවන හේශාන් හෙට්ටිආරච්චි සමත් විය.

ලකුණු 22කට ඉන්දීය බ්ලු ඉනිමේ කඩුලු 2ක් දැවී තිබිය දී බොස්ලේ සමඟින් තෙවන කඩුල්ල සඳහා පිටියේ එක්වූ ශිවාම් මාවී ලකුණු 87ක් දක්වා සිය කණ්ඩායමේ ඉනිම ගොඩනැංවූයේ ලකුණු 65ක හොඳ සබඳතාවයක් ගොඩනංවමිනි.

ඒ වන විට 4 පහර 4ක් සමඟ ලකුණු 33ක් ලබාගෙන සිටි කල්රාව දවා ගැනීමට ධනංජය ලක්ෂාන් හට හැකි වූයේ නිශාන් මදුසංක අතට උඩ පන්දුවක් ලබා දීම නිසාවෙනි. එම සබඳතාවයට තිත තැබීමෙන් පසුව ඉන්දීය බ්ලු ඉනිමේ පිතිකරුවන්ව ඉක්මනින්ම දවා ගැනීමට හරීන් බුද්ධිල ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස එක් මොහොතක ඔවුන්ගේ ලකුණු පුවරුව කඩුලු 7ක් දැවී ලකුණු 120ක් ලෙස යම් අගාධයකට ඇඳ වැටී තිබුණි. තවද ඒ වන විට ලකුණු අතර සිටි බෝස්ලේ අවාසනාවන්ත ලෙස ලකුණු 49ක් ලබා සිටිය දී දුවද්දී දැවී ගොස් අවසන්ව තිබූ අතර ඔහුගේ ඉනිම 4 පහර 7කින් අලංකාරවත් විය.

මනෝජ් භන්දාගේ හා දකුණතින් පිත්ත හසුරුවන ශිවාම් මාවී 8 වන කඩුල්ලට ලකුණු 77ක තවත් අගනා සබඳතාවයක් ගොඩනැංවූයේ ඉන්දීය බ්ලු ඉනිමට පෙරට වඩා යම් ජවයක් එක්කාසු කරමිනි. එහි දී 4 පහර 6ක් හා 6 පහර 2ක් සමඟින් පන්දු 31ක් තුල ලකුණු 44ක් ලබා සිටි ශිවාම් හා ලකුණු 30ක් ලබා සිටි මනෝජ්ව දවා ගැනීමට බුද්ධිල හා නිපුන් මාලිංගට හැකි විය. අවසානයේ ඉන්දීය බ්ලු ඉනිමට සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 203ක් පමණි. පන්දු යැවීමේ දී බුද්ධිල හා හේශාන් අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය.

මෙම තරගාවලියේ අවසන් මහා තරගය ලබන සෙනසුරාදා (2) ද මේ කණ්ඩායම් දෙක අතර පැවැත්වීමට නියමිතයි

ඉන්දීය බ්ලූ කණ්ඩායම – 203/10 (46.3): ඕම් බෝස්ලේ 49, ශිවාම් මාවී 44, මන්ජොට් කල්රා 33, මනෝජ් භන්දාගේ 30, හේශාන් හෙට්ටිආරච්චි 2/26, හරීන් බුද්ධිල 2/43.

ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම – 204/4 (44.2): නුවනිදු ප්‍රනාන්දු 91, නිපුන් දනංජය 65*, විශ්ව චතුරංග 27, ශිවාම් මාවී 2/40.

share කරන්න..Share on Facebook0Share on Google+0Tweet about this on TwitterShare on LinkedIn0Email this to someonePrint this page

Leave a Reply