‘චන්දියි ඇන්ජියි එකතුවෙලා ගහපු ගේමක්ද? කෝලිට මල පනියි.. තරගය නවත්වයි..’ ටෙස්ට් තරගය මැද සිදුවූ අමුතු සිදුවූ මෙන්න(PHOTO)

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන ටෙස්ට් තරගය මේ වනවිට ඉන්දියාවේ නව දිල්ලී ක්‍රීඩා පිටියේ පැවැත්වෙනවා. අද තරගයේ දෙවන දිනය වන අතර අද තරගයේ සිදුවීමක් අතිශය කතා බහට ලක්ව තිබෙනවා. එනම් ක්‍රීඩා පිටියේ වායු තත්වය අපිරිසිදු යැයි කියමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගය විනාඩි කිහිපයකට නැවතීමයි. ඒ වන විට ඉන්දීය කණ්ඩායම පන්දුවට පහර දෙමින් සිටි අතර  ඔවුන් කඩුලු හතක් දැවී ලකුණු 536ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මුහුණු ආවරණය කරගෙන පිටියට පැමිණ වරින් වර තරගය නවතා විනිසුරුට තරගයේ වායු තත්වය පිළිබදව පැමිණිලි කළ අතර අවසානයේ ඉන්දීය නායක විරාත් කෝලී සිය අසුනින් නැගිට ඉන්දීය ඉණිම අත් හිටුවා සිය කණ්ඩායම පන්දු යැවීමට සුදානම් බව කි‍යා සිටියා.

කෙසේ වෙතත් මෙම සිදුවීම දැඩිව විවේචනය කරන ඉන්දීය මාධ්‍ය පවසා තිබුනේ නියත පරාජයක් වළක්වා ගෙන තරගය අත්හිටුවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙලෙස හැසිරුණු බවයි, මෙම හැසිරීම ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් සහ හිටපු නායක ආන්ජලෝ මැතිවුස් විසින් සැලසුම් කිරිමක් ලෙසද ඔවුන් චෝදනා කර තිබුනා,

කෙසේ වෙතත් නව දිල්ලිය යනු දැඩි වායු දූෂණයක් පවතින නගරයක් වන අතර , අයහපත් වායු තත්වය නිසා මින් පෙර මෙම ක්‍රීඩා පිටියේ ඉන්දීය ‍රංජි තරගාවලියේ තරග දෙකක්ද නවතා තිබෙන බව සදහන්.

මේ වන විට සිය ප‍්‍රථම ඉනිම ක‍්‍රීඩා කරමින් සිටින ශ‍්‍රි ලංකා කන්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 114ක් ලබා සිටින අතර නෙදැවි පන්දුවට පහරදෙන ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 52ක් දිනේෂ් චන්දිමාල් ලකුණු 13ක් ලබා සිටියි

පන්දු රැකීමේදී හිස් ආවරණයේ පන්දුවක් වැදීම නිසා නිත්‍ය ආරම්භක පිතිකරු සධීර සමරවික්‍රම ශ්‍රී ලංකා ඉනිම ඇරඹීම සඳහා පිටියට නොපැමිණි අතර ඔහු වෙනුවට ඩිල්රුවන් පෙරේරා, දිමුත් කරුණාරත්න සමගින් ඉනිම ඇරඹීය.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු පන්දුවේදීම දිමුත් කරුණාරත්න ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට මොහොමඞ් සාමි සමත් වූ අතර ඉන් අනතුරුව පිටියට පිවිසි ධනංජය ද සිල්වාටද රැස්කරගත හැකි වූයේ ලකුණක් පමණි. කඩුලු රකින ක්‍රීඩක රිධිමන් සාහා අතට උඩ පන්දුවක් දෙමින් දිමුත් දැවී ගියේය. ධනංජය දැවී ගියේ ඉෂාන්ත් ශර්මාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමිනි.

අනතුරුව මැතිව්ස් සමග එක්වෙමින් තෙවැනි කඩුල්ල සදහා ලකුණු 61ක සම්බන්ධතාවක් ගොඩ නැගීම දිල්රුවන් පෙරේරා සමත් වු අතර තෙවැනි කඩුල්ල ලෙසින් දැවී ජඩේජාගේ පන්දුයක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යන විටි ලකුනු 42ක් ලබා සිටියහ.

දිවා ආහාරය සඳහා ක්‍රීඩාව නතර කරන විට කඩුලු 5 ක් දැවී ලකුණු 500 ක් ලබා සිටි ඉන්දීය කණ්ඩායම දිවා ආහාරය නිමා වී මඳ වේලාවකට පසු සිය ඉනිම අත්හිටුවා ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය.

පළමු දිනය වූ ඊයේ (2 වැනිදා) තරගය නතර කරන විට ලකුණු 371 ක් ලබා සිටි ඉන්දියාව අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 165 ක් එක් කරගත් අතර දැඩි ලෙස පහර කෑමකට ලක්වූ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එහිදී දවාගත හැකි වූයේ කඩුලු 3 ක් පමණි. නායක විරාට් කෝලි (243) සහ රොහිත් ශර්මා (65) එක්ව පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 135 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 500 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියහ.

සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 6 වැනි ද්විත්ව ශතකය ලබාගත් විරාට් කෝලි, එය හතරේ පහර 25 කින් අලංකාර කළේය. පන්දු 238 කදී හතරේ පහර 20 ක් සමගින් ඔහු ද්විත්ව ශතකය සම්පූර්ණ කළ අතර දැවීයන විට ඔහුගේ ලකුණු රැස්කිරීමේ වේගය 84.66 ක් ලෙස සටහන් විය. මෙය කෝලි පිට පිටම ලබාගත් දෙවැනි ද්විත්ව ශතකයද විය.

ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අතට උඩ පන්දුවක් දෙමින් රෝහිත් ශර්මා ලකුණු 65 කට දැවී යෑමත් සමග තරගය දිවා ආහාරය සඳහා නතර කිරීමට විනිසුරුවෝ පියවර ගත්හ. තමා දැවීගිය ක්‍රීඩකයකු ලෙස ප්‍රධාන විනිසුරු ලබාදුන් තීරණයට අභියෝග කළ ශර්මා එම තීරණය විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදයට යොමු කළේය. එහෙත් පන්දුව පිත්තේ අග කොටසේ වදින බව නිරීක්ෂණ කිරීමෙන් අනතුරුව තෙවැනි විනිසුරුද ප්‍රධාන විනිසුරුගේ තීරණය අනුමත කළේය.

 

share කරන්න..Share on Facebook0Share on Google+0Tweet about this on TwitterShare on LinkedIn0Email this to someonePrint this page

Leave a Reply