අසේල – ධනුෂ්ක ඉන්දියාවට එරෙහි එක්දින සංචිතයට.. ප‍්‍රබල ක‍්‍රීඩකයෙක් ඉවතට!

ඉන්දියානු කණ්ඩායම සමග දෙසැම්බර් 10 වැනිදා ආරම්භ වීමට නියමිත තරග තුනකින් යුත් එක්දින තරගාවලියේ ශ‍්‍රී ලංකා සංචිතයෙන් ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ඉවත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා

මේ වන විට පැවැත්වෙන ඉන්දියාව එරෙහි ටෙස්ට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කරගෙන ඇති නමුත් පසුගියදා නිමාවුණු පාකිස්තානු එක්දින තරගාවලියේ චන්දිමාල් දැක්වු අසාර්ථක පිතිහරඹය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවට එම වාර්තා වැඩිදුරටත් දක්වයි.

පසුගිය වසරේ එක්දින තරගවල ශ‍්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු (656) රැස්කළ පිතිකරුවා වු චන්දිමාල් අර්ධ ශතක හයක් හා ශතක දෙකක් සමගින් එම වසර තුළ පිතිකරණ සාමාන්‍ය 59.63ක් පවත්වාගෙන යාමට සමත් වී ඇති නමුත් මෙම වසරේ ඉනිම් 15දී ඔහුගේ පිතිකරණ සාමණ්‍ය 18.21කි.

මේ අතර ඉන්දියාවට එරෙහි එක්දින සංචිතය සදහා තුන්ඉරියව් ක‍්‍රිඩක අසේල ගුණරත්න හා ධනුෂ්ක ගුණතිලක එක්වීම නියමිත බව එම වාර්තා වැඩිදුරටත් දක්වයි.

පාකිස්තානු තරගාවලිය ක‍්‍රීඩා නොකළ ඇන්ජලෝ මැතිව්ස් අසේල ගුණරත්න ධනුෂ්ක ගුණතිලක වැනි ප‍්‍රබල ක‍්‍රිඩකයින්  ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය සදහා ක‍්‍රීඩා කිරීමට නියමිත නිසා මෙම තරගාවලිය උණුසුම් තරගාවලියක් වනු ඇති බවට විචාරකයින් අනවැකි පළ කර සිටියි.

share කරන්න..Share on Facebook0Share on Google+0Tweet about this on TwitterShare on LinkedIn0Email this to someonePrint this page

Leave a Reply