‘චන්දිමාල් ගේ ඉනිම තමයි මම දැකපු හොදම නායකත්වයේ ඉනිම..පැරදුනත් අපි සටන් කළා..’චන්දි – ඇන්ජි කියන කතාව මෙන්න

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිටිය මැද දී සැලසුම් නියම ලෙස ඉටු කිරීම ගැන ඔවුන්ට ගෞරව හිමිවිය යුතු අතරම පුහුණුකාර මණ්ඩලයට ද විශේෂ ස්තුතියක් පිදිය යුතු බව ඊයේ (06) ඉන්දීය කණ්ඩායම සමඟ අවසන් වු තෙවැනි ටෙස්ට් තරගය අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමීන් දිනේෂ් චන්දිමාල් පැවසීය.

“ඇත්තටම වඩාත් සතුටු වෙන්න පුළුවන් තරගාවලියක්. දෙවැනි ටෙස්ට් ශතකය හැරුණ විට අපි හොඳින් ක්‍රීඩා කළා. රංගන ආබාධයකට පත් වූ විට සියලු දෙනා ඇන්ජලෝ මැතිව්ස් ගැන බලා‍පොරොත්තු තැබුවා. වඩාත් පීඩනය මැද ධනංජය හා රොෂේන් විශිෂ්ට පිතිකරණයක යෙදුණා. ඉන්දිය සුපිරි වේග පන්දු බල ඇණිය හමුවේ ඔවුන්ගේ ක්‍රියාත්මක වීම වඩාත් හොඳයි. දික්වැල්ල ඔහුටම ආවේණික වෙනස් ආකාරයක ක්‍රීඩකයෙක්.

ඇත්තටම මට ලකුණු අතරට පැමිණීමේ දී වඩාත් කැපවීමෙන් ක්‍රීඩා කළා. මගේ පිතිකරණයේ තාක්ෂණික වෙනස් කිරීම් පිතිකරණ පුහුණුකරු සමග සාකච්ඡා කරමින් සිදු කරනු ලැබුවා. වඩාත් අභියෝගාත්මක තරගයක්. මුල් දින දෙකෙහි පැවැති වායු දූෂණය තුළ යම් කිසි පසුබැසීමක් තිබුණත් අපි සාකච්ඡා කර එම තත්ත්වයට හොඳින් මුහුණ දෙමින් තරගයට අවතීර්ණ වූනා”

මේ අතර හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ෆේස්බුක් සටහනක් යොදමින් පවසා සිටින්නේ තරගාවලිය ජය ගත නොහැකි වුවත් තරගාවලිය පුරාම ඉතා හොදින් සටන් කළ බවයි

දිල්ලි තරගයේදී කණ්ඩායම දැක්වු දස්කම් ගැන ගොඩක් අඩම්බරයි..අපිට තරගාවලිය ජය ගනන් බැරි වුනත් අපි තරගාවලිය පුරාම හොදින් සටන් කළා..සුරංග ගේ පන්දුයැවීමට විශිෂ්ටයි..චන්දිමාල්ගේ ඉනිම මම දැකපු හොදම නායකත්වයේ ඉනිම..දෙවැනි ඉනිමේදී අපේ තරුණ ක‍්‍රිඩකයින් වන ධනංජය රෝෂේන් දික්වැල්ල අධිෂ්ඨානශීලි පිතිහරඹයක නිරත වුනා..අපි හැම විටම සහයෝගය ලබා දෙමින් අපි ධෛර්යමත් කළ සියලු පේ‍්‍රක්ෂකයින්ට ස්තූතිය..එක්දින තරගාවලියේදී අපි අපේ උපරිමය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

share කරන්න..Share on Facebook0Share on Google+0Tweet about this on TwitterShare on LinkedIn0Email this to someonePrint this page

Leave a Reply