මහත්මා ගුණය යළි පෙන්වමින් විරාත් කෝලිගෙන් කුසල් මෙන්ඩිස්ට අපූරු තෑග්ගක්

විරාත් කෝලි කියන්නේ දැනට ලෝකේ සිටින දක්ෂ ක්‍රීඩකයෙක්. දක්ෂ ක්‍රීඩකයෙක් පමණක් නොව ඔහු දැන් දක්ෂ නායකයෙක්. හැබැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීනට වහකදුරු වගේ ක්‍රීඩකයෙක් තමයි විරාත් කෝලි කියන්නේ.ඒකට ලොකුම හේතු තමයි කෝලිගේ සුපිරි ඉනිම් නිසා ලංකාවට දිනන්න තිබුන තරඟ පැරදෙන එකයි,කෝලි හැසිරෙන විදියයි අපේ අයට වැඩිය අල්ලන්නේ නැති නිසා.

නිමාවුණු ශ්‍රී ලංකා ඉන්දියා ටෙස්ට් තරඟාවලියේදීත් වැඩිම ලකුණු ලාභියා වුණේ කෝලි.පළමු තරඟයේ ලකුණු නොලබා දැවී ගියත් ඊළඟ තරඟ දෙකේදී ද්විත්ව ශතක දෙකක් රැස් කරමින් තමන් මොන වගේ ක්‍රීඩකයෙක්ද කියලා කෝලි ලෝකෙටම පෙන්නුවා.

පළමු තරඟයේ දික්වැල්ල සමග අතරවුණු සිද්ධියේදීත්,අවසන් තරඟයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙන් මුඛ වාඩම් පැළඳූ අවස්ථාවේදීත් කෝලි ලංකාවේ ක්‍රීඩකයෝ එක්ක ටිකක් පැටලෙන්න ආවා..කොහෙම වුණත්, අවසන් තරඟයේදී සධීර සමරවික්‍රම සුපිරි පන්දු රැකීමකුත්,ධනංජය සිල්වාගේ ශතකයත් කෝලිගේ ප්‍රශංසාවට ලක්වෙනවා දැකගන්න ලැබුණා.

ඔය අතරේ කෝලි කුසල් මෙන්ඩිස්ට ක්‍රිකට් පිත්තක් තෑගි දීලා තිබුණා.සිය ට්විටර් ගිණුමේ  සටහනක් පළකරමින් කුස්ල් මෙන්ඩිස් කෝලිට ස්තූතියි කරලා තිබුණා.මීට මාස කිහිපයකට පෙර පාකිස්ථානු වේගපන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර්ටත්,කෝලි ක්‍රීකට් පිත්තක් තෑගි දීලා තිබුණා.

-nethgossip

share කරන්න..Share on Facebook0Share on Google+0Tweet about this on TwitterShare on LinkedIn0Email this to someonePrint this page

Leave a Reply