මන්ත්‍රිවරු බේරා පොලිසිය අහිංසක මිනිසුන්ට ගුටි දීපු හැටි

 

හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපොළ විකිණීමට විරෝධය දක්වමින් පෙරේදා (06දා) හම්බන්තොට නගරයේ පැවැති විරෝධතාවට පොලිසිය…විසින් කඳුළු ගෑස් හා ජලප්‍රහාර එල්ල කරමින් විරෝධතා කරුවන් විසුරුවා හැරීමට කටයුතු කළේය.
පොලිසියේ මේ ක්‍රියා කලාපය හමුවේ කෝප වූ විරෝධතා කරුවන්ගෙන් පිරිසක් ගල්මුල්වලින් පහරදීම හේතුවෙන් පොලිස් නිලධාරීන් තිදෙනක් තුවාල ලබා රෝහල් ගත කොට ඇත. විරෝධතාකරුවන් අතර සිටි පිරිසෙන් 26 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන සිටිති. මේ අයගෙන් 20 දෙනකු පිරිමි වන අතර හයදෙනෙක් කාන්තාවෝය. විරෝධතාකරුවන් පැමිණි යතුරුපැදි හතරක්ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

හම්බන්තොට අධිකරණ කලාපය තුළ පීඩාකාරී විරෝධතා හා උද්ඝෝෂණ නොපවත්වන ලෙස අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කොට තිබුණත්, එය කිසිදු සැලකිල්ලකට නොගත් 2000කට ආසන්න පිරිසක් විරෝධතා ව්‍යාපාරයේ යෙදුණාහ.
හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රි නාමල් රාජපක්ෂ, මහින්ද යාපා අබේවර්ධන, මහාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු කතානායක චමල් රාජපක්ෂ, අරුන්දික ප්‍රනාන්දු, ගාමිණී ලොකුගේ, කුමාර වෙල්ගම, මහින්දානන්ද අලුත්ගමගේ, විජිත බේරුගොඩ, මන්ත්‍රිවරුද පළාත් සභා මන්ත්‍රිවරු වන ඩී.වී. උපුල්, සිංහ සමන් කුමාර මහත්වරුන්ද විරෝධතා ව්‍යාපාරයට සහභාගිවී සිටිනු දක්නට ලැබිණි.

හම්බන්තොට වෙරළ උද්‍යානය අසලින් පෙරේදා උදෑසන 10.30ට පමණ විරෝධතාව ආරම්භ වූ අතර හම්බන්තොට නගරයට පැමිණ පරණ තංගල්ල මාර්ගයේ ගමන් කර පසුව ඉන්දියන් මහකොමසාරිස් කොන්සියුලර් කාර්යාලය අසලට පැමිණ පැවති විරෝධතාවට සහභාගි වූ භික්ෂුන් වහන්සේ කිහිප නමක් විසින් මහකොමසාරිස් කාර්යාලය වෙත ගොස් පෙත්සමක් භාරදී නැවත පැමිණීමෙන් පසු විරෝධතාකරුවන් පොලිසිය විසින් මාර්ගය අවහිර කර ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂාව සඳහා තිබූ බාධක පෙරැළීමට උත්සාහ කළ අවස්ථාවේදී පොලිසිය විසින් ජල ප්‍රහාර හා කඳුළු ගෑස් එල්ල කරන ලදී. එහිදී විරෝධතාකරුවන් විසිර ගිය අතර පුද්ගලයන් 26 දෙනකු පොලිස් අත්අඩංගුවට පත්විය.

 

පොලිසිය අහිංසක මිනිසුන්ට ගුටි දුන් නමුත් මන්තින්ට නම් එවැනි කරදරයක් නෙතිබුනි

 

[embedyt] https://www.youtube.com/watch?v=ztZ-FRwSaXg[/embedyt]
share කරන්න..Share on Facebook0Share on Google+0Tweet about this on TwitterShare on LinkedIn0Email this to someonePrint this page

Leave a Reply