Gossip

බෝම්බ ගසා හතක් මැරූ කොටි හතකට සිර දඬුවම්

විමර්ශන කටයුත්තක් සඳහා විල්පත්තුව ජාතිත වනෝද්‍යානයට යමින් සිටි වෛද්‍යවරයෙකු ඇතුළු දේශීය සංචාරකයින් හත් දෙනකු රැගත් කැබ් රථයක් ඉලක්ක කර ගෙන ක්ලේමෝ බෝම්බ පුපුරුවා හැර එහි සිටි සියලු දෙනා ඝාතනය කිරීම ඇතුළු වැරදි 8ක් සම්බන්ධයෙන් කොටි සංවිධානයේ ක්ලේමෝ බෝම්බ පුපුරුවා හැරීම් අංශයේ හිටපු ප‍්‍රබල කොටි විත්තිකරුවන් හත් දෙනකුට අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු මහේෂ් වීරමන් මහතා එක් අයකුට වසර 8 බැගින් වසර …

Read More »

බිලි පූජා තහනමට එරෙහිව යාපනය වැසියන් ගත් තීරණය මෙන්න

යාපනය අර්ධද්වීපය තුළ පිහිටි කෝවිල් වල මින් ඉදිරියට සතුන් මරා බිලිපූජා පැවැත්වීම තහනම් බවට යාපනය මහධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චෙලියන් මහතා විසින් ලබා දුන් නඩු තීන්දුව අභියෝගයට ලක් කරමින් පෙත්සම් දෙකක් ඊයේ (12) දා යාපනය මහධිකරණය වෙත ඉදිරිපත් කොට තිබෙනවා. මෙම පෙත්සම් දෙක ඉදිරිපත් කොට ඇත්තේ යාපනයේ කෝවිල් දෙකක භාරකාර මණ්ඩල දෙකක් විසින්. එම පෙත්සම් දෙක මගින් ඉල්ලා ඇත්තේ වසර ගණනාවක …

Read More »

ශ්‍රි ලංකා ක්‍රීඩාලෝලියාගේ තාත්තා නිසා හිත උණුු වුණු රෝහිත් ෂර්මාගේ මනුස්සකම..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහාය දක්වන ප්‍රෙක්ෂකයන් අතරින් මෑත කාලීනව ගයාන් සේනානායක, පුබුදු හා මොහොමඩ් නීලාම් ඉදිරියෙන් සිටිති. ඔවුන් තිදෙනා මේ වන ක්‍රියාත්මක ඉන්දු – ශ්‍රී ලංකා තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සහාය දැක්වීම සඳහා ඉන්දියාවට ගොස් සිටිති. කෙසේ වෙතත් නව දිල්ලි නුවර පැවැති තෙවැනි ටෙස්ට් තරගය අතුර තුළදී නීලම්ගේ පියා අසනීප වී ඇත. ඔහු පිළිකා රෝගයකින් පීඩා විදිමින් සිටියි. ඒ අනුව නීලම්ට …

Read More »

උසස් පෙළ ජනමාධ්‍ය නව විෂය නිර්දේශය අත්හිටුවයි..

ජාතික අධ්‍යාපන ආයතනයේ මැදිහත්වීමෙන් සකස් කළ උසස් පෙළ සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයන විෂයට අදාල නව විෂය නිර්දේශය අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබේ. ඒ අනුව දැනට පැරණි විෂය නිර්දේශය ක්‍රියාත්මක කළ යුතු බවත්, ලබන වසරේදී සියලු පාර්ශ්ව සම්බන්ධ කරගෙන නවීන ලෝකයට ගැලපෙන පරිදි අලුත් විෂය නිර්දේශයක් සකස් කරන බවත් අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා  පැවසීය. මීට පෙර පැවැති විෂය නිර්දේශය …

Read More »

විදුලිබල සේවකයන්ගේ උපවාසය අඛණ්ඩව

කොළඹ 2 ශ්‍රීමත් ච්ත්තම්පලම් ගාඩිනර් මාවතේ ලංකා විදුලි බල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති 32ක සාමාජිකයන් අරඹා ඇති උපවාසය තව දුරටත් ක්‍රියාත්මක වේ. මණ්ඩලයේ ඉහළ ශ්‍රේණිවල නිලධාරීන්ට වැටුප් වැඩි කිරීමට සාපේක්ෂව තම වැටුප් කප්පාදුවට එරෙහිව ඔවුන් මෙම උපවාසයට තුන් වන දිනටත් අද ක්‍රියාත්මක කරමින් සිටි. මේ සම්බන්ධයෙන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා …

Read More »

"රාජ්‍ය දේපළ විකුණන්නේ ලැජ්ජා නැති නායකයෝ" – අනුර සියල්ල හෙළි කරයි

රාජ්‍ය දේපළ විකුණන්නේ ලැජ්ජා නැති නායකයන් බවත් මෙරට ප්‍රධාන දේශපාලන ව්‍යාපාර තුනම දේශපාලනමය වශයෙන් බංකොලොත් වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ අදහස් පළ කළේ ඊයේ (12) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය. “අපිට දේශපාලන පණිවිඩ ගණනාවක් තිබුණා. අනෙක් අයට තියෙන පණිවිඩය කුමක්ද? රාජපක්ෂගේ කණ්ඩායමට කවරක් කියයිද? පසුගිය ජනාධිපතිවරණයේදී …

Read More »

ශ‍්‍රියාණි විජේවික‍්‍රම ගියේ විමලවීර දිසානායකගේ වරදින්..- දිනේෂ් ගුණවර්ධනත් කට අරී..

දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ඒකාබද්ධ විපක්ෂයේ හැර යාමේ වගකීම එම දිස්ත්‍රික්කයේම සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා විසින් භාරගත යුතුයැයි මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වල නාමයෝජනා ලබාදීමේදී විමලවීර දිසානායක මන්ත්‍රීවරයා ඉතා වැරදි හා අත්තනෝමතික ලෙස කටයුතු කිරීම හේතුවෙන් විජේවික්‍රම මහත්මිය ඒකාබද්ධ විපක්ෂය ගිය බවද ඔහු පැවසීය. …

Read More »

වර්ජනය අත්හිටුවීමට දුම්රිය වෘතීය සමිති තීරණය කරයි

දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් විසින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අවසන් කිරීමට දුම්රිය වෘත්තීය සම්ති තීරණය කර තිබෙනවා. අද(13) උදෑසන ඊයේ දිනයේ පත් කරනු ලැබූ අමාත්‍ය අනුකමිටුව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ.

Read More »

දෙවන තරගයේත් කාසිය වාසිය තිසරට පෙරළෙයි.. ඉන්දියානු කණ්ඩායමේ එක් වෙනස්කමක්

සංචාරක ශ‍්‍රී ලංකා කන්ඩායම හා ඉන්දියාව අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය මොහාලි හිදි අද පෙරවරු 11.30ට ආරම්භ වීමට නියමිතයි. තරගය තුනකින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය කඩුලු 07කින් ජයගෙන සිටින ශ‍්‍රී ලංකා කන්ඩායම ඉන්දියානු බිමේදී එක්දින තරගාවලියක් ජයගැනිමේ අරමුණෙන් පිටියට පිවිසෙයි. දෙවන තරගයේ කාසිය වාසිය උරගා බැලීම සිදුවුණු අතර එහිදී කාසිය වාසිය දිනු ශ‍්‍රී ලංකා කණ්ඩායමේ  නායක තිසර පෙරේරා පළමුව පන්දු …

Read More »

‘‘කුකුලන්ට,හරකුන්ට,එළුවන්ට වගේ මන්ත්‍රීලටත් මිලක් තියනවා..‘‘ – ඒකාබද්ධ විපක්ෂය දෙදරයිද?

ඒකාබද්ධ විපක්‍ෂයේ දෙදරීමක් ඇති බවට ඇතැම් අය පැවැසුවද එවැනි කිසිදු දෙදරීමක් පක්‍ෂය තුළ සිදුවී නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන පවසයපළාත් පාලන මැතිවරණයෙන් පසු විපක්‍ෂයේ කඳවුර කඩාගෙන ගිය මන්ත්‍රිවරුන්ගෙන් ඔබට මොනවාද ගෙන යෑමට හැකිවුණේ යැයි ඇසුවහොත් ඔවුන්ට ලබාදීමට පිළිතුරක් නැති බවත් එම මන්ත්‍රිවරුන්ට ඔවුන්ගේ ඔළු ගෙඩිය පමණක් ගෙන යෑමට හැකිවූ බවත් මන්ත්‍රිවරයා පැවැසීය.ඊයේ (12දා) බත්තරමුල්ල, නෙළුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු …

Read More »