Mobile

සිංහ පිළට ඉන්දියාවේ දී සිදුවු අපහසුතාවයට ඉන්දියාවේ ලොකු පුටු රත්වෙයි ..

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර නව දිල්ලි නුවර ෆේරොෂ් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේදී පැවැති අවසාන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වායු දුෂණය හේතුවෙන් පීඩාවට පත්වීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කරුණු විමසීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය සූදානම් වෙන බව පුවත් පලවන අතර ඉන්දීය ක්‍රිකට් ආයතනයේ වැඩ බලන සභාපති සී.කේ. ඛන්නා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයාට මේ පිළිබඳව කරුණු විමසමින් ශ්‍රී …

Read More »

නවසිලන්තයේ පැවැත්වෙන ලෝක කුසලානයට යන ශ‍්‍රී ලංකා පිළ මෙන්න..

නවසිලන්තයේ දී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන 15 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා යොවුන් සංචිතයේ නායකත්වයට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්‌ව පත් කර ඇත. ලබන වසරේ ජනවාරි මස 13 වන දා සිට පෙබරවාරි 3 වන දා දක්වා පැවැත්වෙන මෙම ක්‍රිකට් තරගාවලිය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 13 වන වරටත් සංවිධානය කරනු …

Read More »

නුවරඑළියේ ඒකාබද්ධ විපක්ෂය දෙදරා යයි..මන්ත‍්‍රීන්ගෙන් කැපිල්ලක් ..හිටපු සභාපති ස්වාධීන වෙයි

ඒකාබද්ධ විපක්ෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරන සී.බී.රත්නායක මහතාගේ ක්‍රියා කලාපය හේතුවෙන් තමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොහොට්ටුව සලකුණෙන් තරග නොකර ස්වාධීනව තරග කිරීමට තීරණය කළ බව තලවාකැලේ ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අශෝක සේපාල මහතා පැවසීය. හැටන් නගරයේදී අද (07දා) පස්වරුවේ  පැවති පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ …

Read More »

ජනපති මෛත්‍රී සහ හිටපු ජනපති මහින්ද එකතු වෙයි (PHOTO)

අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුත් පසඳ යාපා අබේවර්ධනගේ විවාහ උත්සවය අද (07) කොළඹදී පැවැත්වුණා. මෙම මංගල උත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වී තිබෙනවා. මනාලයාගේ සහ මනාළියගේ පාර්ශව දෙකෙන් සාක්ෂිකරුවන් ලෙස අත්සන් කර තිබෙන්නේ ජනාධිපතිවරයා සහ හිටපුු ජනපතිවරයායි. එම විවාහ උත්සවයේ ඡායාරූප පහතින්.  

Read More »

ඉන්දීයාවේ නවදිල්ලියට භූ කම්පනයක්..ගුරාගෙන් ප‍්‍රකාශයක් ..

ඉන්දියාවේ නවදිල්ලි නුවරට ඊයේ රාත්‍රියේ බලපෑ භූ කම්පයනය සිදුවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දීය සමඟ පැවති තුන්වන සහ අවසන් ටෙස්ට් තරඟය අවසන් වී නවදිල්ලි නුවර රැඳී සිට ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ඊයේ සිදුවූ එම භූමි කම්පාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිවෙකුටවත් හානියක් සිදුවී නොමැති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ සදහන් කර තිබුණා වැඩිදුරටත් අදහස් දැක්වු …

Read More »

දුම්රිය රියදුරු වර්ජනය දිගටම

බඳවා ගැනීමේ පටිපාටිය උල්ලංඝණය කරමින් දුම්රිය රියදුරු සහායකයන් බඳවා ගැනීම නවතා දමන බවට බලධාරීන්ගෙන් නිසි පොරොන්දුවක් ලැබෙන තුරුම ඊයේ (6) මධ්‍යම රාත්‍රීයේ ඇරඹු වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රීයාත්මක කරන බව දුම්රිය රියදුරන්ගේ සංගමය සදහන් කරයි. එම සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා ප්‍රකාශ කරනුයේ මේ වන විටද එලෙස රියදුරු සහායකයන් බඳවා ගැනීමට අදාල බලධාරීන් කටයුතු කොට ඇති බවය.

Read More »

මහත්මා ගුණය යළි පෙන්වමින් විරාත් කෝලිගෙන් කුසල් මෙන්ඩිස්ට අපූරු තෑග්ගක්

විරාත් කෝලි කියන්නේ දැනට ලෝකේ සිටින දක්ෂ ක්‍රීඩකයෙක්. දක්ෂ ක්‍රීඩකයෙක් පමණක් නොව ඔහු දැන් දක්ෂ නායකයෙක්. හැබැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීනට වහකදුරු වගේ ක්‍රීඩකයෙක් තමයි විරාත් කෝලි කියන්නේ.ඒකට ලොකුම හේතු තමයි කෝලිගේ සුපිරි ඉනිම් නිසා ලංකාවට දිනන්න තිබුන තරඟ පැරදෙන එකයි,කෝලි හැසිරෙන විදියයි අපේ අයට වැඩිය අල්ලන්නේ නැති නිසා. නිමාවුණු ශ්‍රී ලංකා ඉන්දියා ටෙස්ට් තරඟාවලියේදීත් වැඩිම ලකුණු ලාභියා වුණේ කෝලි.පළමු තරඟයේ …

Read More »

ඉතිහාසයේ පළමු වරට චන්දිමාල් හොදම පිතිකරුවන් 10 අතරට.. අලුත්ම ශ්‍රේණිගත කිරීම් මෙන්න

ඊයේ අවසන් වූ ශ්‍රී ලංකා ඉන්දියා ටෙස්ට් තරඟයත් ඕස්ට්‍රේලියා එංගලන්ත තරඟයත් අවසානයේ ICC නවතම ටෙස්ට් ක්‍රීඩකයන් සහ කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම නිකුත් වී ඇති අතර ශ්‍රේණිගත කිරීමේ තව දුරටත් පෙරමුණ ගැනීමට සමත් වී තිබෙන්නේ ඉන්දීය කණ්ඩායම වන අතර ඔවුන් අවසන් ශ්‍රේණිගත කිරීමට වඩා එක ලකුණක් අඩු කර ගනිමින් ලකුනු 124 ක් ලබා පළමු තැන සිටින අතර දෙවන තැන දකුණු අප්‍රිකාවටත් ශ්‍රී …

Read More »

‘චන්දිමාල් ගේ ඉනිම තමයි මම දැකපු හොදම නායකත්වයේ ඉනිම..පැරදුනත් අපි සටන් කළා..’චන්දි – ඇන්ජි කියන කතාව මෙන්න

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිටිය මැද දී සැලසුම් නියම ලෙස ඉටු කිරීම ගැන ඔවුන්ට ගෞරව හිමිවිය යුතු අතරම පුහුණුකාර මණ්ඩලයට ද විශේෂ ස්තුතියක් පිදිය යුතු බව ඊයේ (06) ඉන්දීය කණ්ඩායම සමඟ අවසන් වු තෙවැනි ටෙස්ට් තරගය අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමීන් දිනේෂ් චන්දිමාල් පැවසීය. “ඇත්තටම වඩාත් සතුටු වෙන්න පුළුවන් තරගාවලියක්. දෙවැනි ටෙස්ට් ශතකය හැරුණ විට අපි හොඳින් ක්‍රීඩා කළා. රංගන ආබාධයකට …

Read More »

රාජගිරියේ කුලියට ගත් හිස් ගොඩනැගිල්ල සල්ලි ගිලියි .. තවත් කෝට් හය හමාරක්!

කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් කුලියට ගත්තත් මෙතෙක් පාවිච්චියට නොගත් රාජගිරියේ ගොඩනැගිල්ල වෙනුවෙන් බදු කුලී සහ පළාත් පාලන බදු ඇතුළු වියදම් සඳහා වන රුපියල් 6,60,40,000 ක මුදලක් ලබාගැනීම සඳහාවන පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කරනු ලැබුවේ සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා විසිනි.රාජගිරියේ ගොඩනැගිල්ල වෙනුවෙන් බදු කුලී හා පළාත් පාලන ආයතන බදු වියදම් සඳහා අතිරේක ප‍්‍රතිපාදන සපයා ගැනීමට රුපියල් හය …

Read More »