Hot News

යුද්ධ හමුදා බෝධිරාජාරාමයේ බෝධීන් වහන්සේ වටා නව රන් වැටක්

පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාමයේ (යුද්ධ හමුදා පන්සල) බෝධීන් වහන්සේ වටා අභිනවයෙන් ඉදිකරන ලද රන් වැට අද (3) උඳුවප් පොහෝ දින පස්වරුවේ පැවති චාම් උත්සවයකදී නිරාවරණය කරන ලදි. යුද්ධ හමුදා බෞද්ධ සංගමයේ සභාපති වන බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මෙම රන් වැට නිරාවරණය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ අතර, මහා …

Read More »

මට සරමක් ඇදගෙන මහින්ද සමග එකතු වෙන්න බෑ..- ජනපති කියයි..

ආණ්ඩුව කරවන දෙගොල්ලන්ම ආපු දවසේ ඉදන් හොරකම් කරන්න පටන් ගත්තා. ජනාධිපතිතුමා හොරු අල්ලන්න හදනකොට ආණ්ඩුවේ උදවිය ඒකට විරුද්ධව කෑගහනවා යයි යහපාලන ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍ය හිටපු දිවුලපිටිය එජාප සංවිධායක රන්ජන් රාමනායක මාධ්‍ය වෙත ප්‍රකාශ කලේ ය. ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ සමඟ එකතු වේදැයි මාධ්‍ය ඇසු පැනයට පිලිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් සමඟ පැවසුවේ සරමක් ඇදගෙන මහින්ද රාජපක්ෂ සමග …

Read More »

දළපූට්‌ටුවාගේ දළවලින් පෙන්ඩන්ට්‌ හදලා !

වෙඩි තබා ඝාතනය කළ ගල්ගමුවේ “දළ පූට්‌ටුවා” හස්‌තියාගේ ඇත් දළවලින් නිමැවූ ග්‍රෑම් 09 කට අධික බරකින් යුත් රන් කොපු සහිත පෙන්ඩන්ට්‌ 3 ක්‌ සමග හස්‌තියා ඝාතනයට සම්බන්ධ බවට සැකපිට තවත් ග්‍රාම නිලධාරීන් දෙදෙනකු පෙරේදා (2 දා) පස්‌වරුවේ නිකවැරටිය කොට්‌ඨාස බුද්ධි අංශයේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගෙන ඇත. දැනට අත්අඩංගුවට ගෙන රක්‌ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් ලබාදුන් තොරතුරකට අනුව මෙම ග්‍රාම …

Read More »

ඊළඟ කැබිනට් සංශෝධනයෙනුත් රවීට ‘NO Chance’ ද?

ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පසුව සිදු කිරීමට නියමිත කැබිනට් මණ්ඩල සංශෝධනයේ දී ද හිටපු විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට අමාත්‍යධුරයක් හිමි නොවන ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි. කෙසේ නමුත් එම කැබිනට් මණ්ඩල සංශෝධනයේ දී රවී කරුණානායක මහතාට අමාත්‍යධුරයක් ලබා ගැනීම සඳහා කිසියම් පිරිසක් උත්සහ ගනිමින් සිටින නමුත් ජනාධිපතිවරයා ඊට තවමත් යහපත් ප්‍රතිචාර දක්වා නොමැති බවට වාර්තා වේ. මේ …

Read More »

“හිටපු ජනපතිට, ආරක්ෂක ලේකම්ට අතක් තියන්න දෙන්නෙ නෑ” – සජිත්

දේශපාලන වශයෙන් කුමන වාද භේද තිබුණද හිටපු ජනාධිපතිවරයාට, හිටපු ආරක්ෂක ලේකම්වරයා හෝ රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණයකට ගෙන යෑමට ඉඩ නොදෙන බව නිවාස ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. හෙතෙම මේ බව කියා සිටියේ හම්බන්තොට සිරිබෝපුර නව උදාගම්මානයකට මුල් ගල තැබීමේ උත්සවයට එක්වෙමිනි.

Read More »

‘ව්‍යවස්ථා උගුල පරදවන්න මෛත්‍රීට එකතුවෙන්න’ – මහින්දට බලපෑම් !

ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙර මෛත්‍රී-මහින්ද එකතුකිරිමේ තවත් උත්සහයක් ඉතා රහසිගතව සැලසුම් කොට මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවති. ඒ සඳහා මෙරටේ ප්‍රධාන පෙලේ භික්ෂූන්වහන්සේලා කිහිප නමක්ම සම්බන්ධ කර ගනිමින් මෙම වැඩපිළිවෙළ දැනටමත් ක්‍රියාත්මකය. මෙහිදී මෙම පිරිස විසින් සටන් පාඨය ලෙස තෝරගෙන් ඇත්තේ ‘රට බෙදන ව්‍යවස්ථාව පරාජය කොට ජාතික සම්පත් විකිණීම වැලැක්වීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ශක්තිමත් කල යුතුය’ යන්න ය. මෙහිදී …

Read More »

දේශපාලනයට ගෑවෙන්න එපා! – යුද හමුදාපතිගෙන් හමුදාවට උපදෙස්‌

පෞද්ගලිකව දේශපාලන මතවාදයක්‌ පැවතියද කිසිදු යුද හමුදා සාමාජිකයකුට දේශපාලන කටයුතුවල නිරත නොවන ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා මුලතිව් ආරක්‍ෂක සේනාංක මූලස්‌ථානයේදී ඉකුත් 01 දා යුද හමුදා සේනාංක අමතමින් ප්‍රකාශ කොට තිබේ. රටේ ජනතාවගේ ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීම යුද හමුදාවේ වගකීම බවත් තමන්ට පැවරී ඇති ආරක්‍ෂක කටයුතු ඉතා නිවැරදිවත් වගකීමකින් යුතුවත් ඉටු කිරීම හැරෙන්නට දේශපාලන කටයුතුවලට මැදිහත් නොවීමට වගබලා …

Read More »

‘ඕන දේකට සුදානම්’ – බැසිල් අභියෝගය බාරගනී !

බාහිර හෝ අභ්‍යන්තර හෝ ඕනෑම ආකාරයක අභියෝගයකට මුහුණදීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. ඔහු මේ බව සඳහන් කළේ දෙහිවල ප්‍රදේශයේ පෙරේදා(02) පැවති ජන හමුවකට එක්වෙමිනි. ආණ්ඩු විරෝධී එකම දේශපාලන බලවේගය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බවට පත්ව ඇති බව ද ඔහු එහිදී කියා සිටියේය. ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තම …

Read More »

දකුණු කොරියාවෙන් ඉගෙන ගනිමු

  පැල්පත් සහිත ප්‍රදේශයක්‌ හැඳින්වීමට අප ඇතැම්විට ‘කොරියාව වගේ’ යෑයි පවසනු ලබයි. ඒ එදාය. එහෙත් අද කොරියාවට ගිහින් බලන්න. ඒ රට මොනතරම් දියුණු රටක්‌ දැයි ඔබට වැටහී යනු ඇත. ඒ නිසා එදා ‘කොරියාව වගේ’ යෑයි කියූ අර්ථය අදට කිසිසේත්ම ගැලපෙන්නේ නැත. ඉකුත් 2017 ඔක්‌තෝබර් 29 දින සිට නොවැම්බර් 25 දින දක්‌වා පුරා මසක කාලයක්‌ එරට ගතකළ මේ ලියුම්කරුට ඒ බව …

Read More »

‘අන්තවාදීන් සමග ගිවිසුම් ගහන්නේ නැහැ’ – රාජිත

අන්තවාදින් සමග අතරමග දී ගිවිසුම් වලට එළඹෙන්නේ නැතිව යහපාලනය ඉදිරියට ගෙනයාමට රජය සුදානම් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. ඔහු එබව සඳහන් කලේ අලුත්ගම දර්ගා නගරයේ සහිරා විද්‍යාලයේ දී ඊයේ (02) පස්වරුවේ පැවති රැස්වීමකදීය. එහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසිය. “අපේ ජිවිත වලට සහජීවනය ඇති වුයේ බේරුවල සිටින කාලයේයි. ඉන් පසු …

Read More »